වහාම විසඳුම් ඉල්ලා සරසවියේ වැඩවර්ජනය දිගටම [UPDATE]
රජරට විශ්වවිද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර තිබෙන වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජරට විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ අනුව එහි සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් වහාම විසඳුම් ලබා දිය යුතු බව සඳහන් කරයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් උපකුලපති තනතුර සඳහා නම් යැවූ නාම යෝජනා නොසලකා හැර මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුත් නාම යෝජනා තුනක් ඉදිරිපත් කරන මෙන් දැනුම් දී තිබෙනවා.
මෙයට රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය විරෝධය පළ කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළා.