ලාභ සත්කාර ලැබෙන අද මේ අයට ඉතා සුබ දවසක් - දවසේ ලග්න පලාපල
මේෂ - මිශ්‍රයි
ලග්නයෙන් පස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, ආහාර ජීරණ පද්ධතියේ දුර්වලතා හෝ උදරයේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. බඩේ දැවිල්ල, අජීර්ණය වැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අද දින සැහැල්ලු සහ පෝෂ්‍යදායී ආහාර රටාවකට පමණක් හුරුවීම ඉතා වැදගත් වේ.
වෘෂභ - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් හතරවැන්නේ සඳු ගෝචරය වන අද දින, ඉඩම්, නිවාස හෝ වාහන සම්බන්ධ ගනුදෙනු වලට අද දිනය කිසිසේත්ම සුබ නොවේ. නීතිමය ගැටළු, ආරවුල් හෝ වංචා වලට හසුවීමට ඉඩ ඇති බැවින් කිසිදු වැදගත් ගිවිසුමකට අත්සන් තැබීමෙන් අද දින සම්පූර්ණයෙන්ම වළකින්න.
මිථුන - ඉතා ශුභයි
ලග්නයෙන් තුන්වැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියා සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් යෙදෙන කෙටි ගමන් බිමන් වලින් ඉතා ඉහළ ලාභ සහ සාර්ථකත්වයක් අත්වේ. ලිපිලේඛන කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම් සහ සන්නිවේදන කටයුතු සඳහා අද දවස අතිශයින්ම යහපත්ය.
කටක - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දෙවැන්නේ සඳු ගෝචරය වන අද දින, ඇස් ආශ්‍රිත ආබාධ, දැවිල්ල හෝ පෙනීමේ සුළු දුර්වලතා ඇතිවිය හැකි දිනයකි. දූවිලි සහිත ස්ථාන වල ගැවසීමෙන් වලකින්න. පරිගණක සහ ජංගම දුරකථන තිර දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් අද දින ඇස් වලට වැඩි වෙහෙසක් එක් නොකරන්න.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
සිංහ - මිශ්‍රයි
ලග්නයෙන් පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, නිරපරාදේ කාලය වැය වන ගමන් බිමන් කිහිපයක් යෙදීමට ඉඩ ඇත. සිතට අනවශ්‍ය බියක් හෝ සැකයක් ඇතිවීමෙන් මානසික පීඩනයක් දැනිය හැක. ආගමික කටයුතුවල නිරත වීමෙන් සිත සන්සුන් කරගන්න.
කන්‍යා - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, ඇස් වල අමාරු, කඳුළු ගැලීම, දැවිල්ල හෝ පෙනීමේ සුළු දුර්වලතා මතු විය හැකි දිනයකි. පරිගණක හෝ ජංගම දුරකථන තිර දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් අද දින සම්පූර්ණයෙන්ම වළකින්න. ඇස් වලට ප්‍රමාණවත් විවේකයක් ලබාදීම අතිශයින් වැදගත්ය.
තුලා - ඉතා ශුභයි
ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, මිතුරන්ගෙන්, සමීප හිතවතුන්ගෙන් සහ සමාජයෙන් ඔබට අවශ්‍ය උදව් උපකාර නොඅඩුව ලැබෙන දිනයකි. අලුත් සමාජ සබඳතා ගොඩනගා ගැනීමට සහ අනාගත දියුණුවට මග පාදන ලාභදායී මිත්‍රත්වයන් ඇතිකර ගැනීමට ඔබට අද කදිම අවස්ථාවක් සැලසේ.
වෘශ්චික - ශුභයි
ලග්නයෙන් දහවැන්නේ සඳු ගෝචරය වන අද දින, වැඩ රාජකාරි සහ වගකීම් අධික වීම නිසා දවසේ අවසානයේදී මානසික සහ ශාරීරික වෙහෙසක් දැනිය හැක. රාජකාරි කටයුතු වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන බැවින්, පවුලේ අය වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම අද දිනයේදී තරමක් අපහසු විය හැක.
ධනු - මිශ්‍රයි
ලග්නයෙන් නවවැන්නේ සඳු ගෝචරය වන අද දින, දුර බැහැර ගමන් බිමන් හෝ විශේෂ වන්දනා ගමන් යෙදිය හැකි අතර ඉන් සාමාන්‍ය ප්‍රතිඵල අත්වේ. පිනට දහමට සිත යොමුවන බැවින් දන් දීම වැනි ආගමික කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේ. ඉන් ඔබගේ මනසට විශාල ආධ්‍යාත්මික සැනසුමක් අත්වනු ඇත.
මකර - ඉතා ප්‍රවේශම් වන්න
ලග්නයෙන් අටවැන්නේ සඳු ගෝචරය වන අද දින, අනපේක්ෂිත ලෙස විශාල මූල්‍යමය වියදම් හෝ පාඩු මතු විය හැකි බැවින් ධනය පරිහරණයේදී අතිශයින්ම ප්‍රවේශම් වන්න. කිසිම හේතුවක් මත අද දින අනුන්ට මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම වැනි ගනුදෙනු සිදු නොකළ යුතුය.
කුම්භ - ශුභයි
ලග්නයෙන් හත්වැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියාවට හෝ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙන අතර ඉන් ඔබට ආර්ථික වාසි අත්වේ. දවසේ කටයුතු අතරතුර ප්‍රණීත ආහාරපාන භුක්ති විඳීමටත්, සුවපහසු ලෙස දිනය නිමා කිරීමටත් ඔබට අවස්ථාව සැලසේ.
මීන - ඉතා ශුභයි
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින, ගෙවීමට අපහසුව තිබූ ණය තුරුස් වලින් නිදහස් වීමට හෝ ඒවා ක්‍රමානුකූලව ගෙවා දැමීමට මග පෑදේ. ආර්ථික තත්ත්වය ඉතා වේගයෙන් යහපත් අතට හැරෙන අතර, තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද කටයුතු සැලසුම් කළ හැකිය.