වෛද්‍යවරුන්ට තර්ජනය කරලා, රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා - GMOAයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය එල්ල කළ විවිධ තර්ජන සහ බලපෑම් හේතුවෙන් නවක වෛද්‍යවරුන් බියට පත්ව පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා අයදුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙන්නේ සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන බවටත්, වැටුප් නවත්වන බවටත් සහ නිල නිවාසවලින් ඉවත් කරන බවටත් බලපෑම් එල්ල වී ඇති බවයි.

ඉන්ධන නෑ කියලා මෙහෙම කරොත්නම් දැඩි දඩුවම් - කිහිපදෙනෙකු පොලිස් දැලේ

ඉන්ධන නෑ කියලා මෙහෙම කරොත්නම් දැඩි දඩුවම් - කිහිපදෙනෙකු පොලිස් දැලේ

වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අවස්ථාව මඟහැරීම හේතුවෙන් නවක වෛද්‍යවරුන් අසරණ වී මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ, නවක වෛද්‍යවරුන් මේ වන විට බියට පත්ව සිටින බවය.

“අපි දැක්කා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලේඛනයේ අයදුම් කරන්න සුදුසුකම් ලබලා හිටිය වෛද්‍යවරුන්ට අනවශ්‍ය බලපෑම් කරලා, අනවශ්‍ය තර්ජන කරලා, ඔවුන්ව රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා අපි දැක්කා තර්ජනය කිරීම්. අපි දැක්කා ඔවුන්ගේ වැටුප නවත්වනවා කියලා තර්ජනය කිරීම්. අපිට ආරංචි වුණා රෝහල්වල ඔවුන් නැවතිලා ඉන්න නිල නිවාසවලින් එළියට දානවා කියලා ඔවුන්ට බලපෑම්, තර්ජන කරලා තිබුණා. මේ සියලු බලපෑම් හමුවේ නවක වෛද්‍යවරු ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. රැකියාව පිළිබඳ ඔවුන්ට විශාල අස්ථාවරත්වයක් හට ගෙන තිබුණා. ඔවුන්ට බියක් ඇති වෙලා තිබුණා මේ තර්ජන හමුවේ. වෘත්තීකයින් හැමවෙලේම කැමති වෘත්තීමය විදියට ගැටලු විසඳන්න. අපි දැක්කා සෞඛ්‍ය ඇමති සාකච්ඡා මඟහරිනවා. වෘත්තීකයින් කැමති සාකච්චා මට්ටමින් ප්‍රශ්න විසඳාගන්න. ඔවුන් කැමති නෑ පාතාලයක මට්ටමින් ප්‍රශ්න විසඳනවාට. ඒ නිසාම තමා ඔවුන් ඒ පුරප්පාඩු ලේඛනයට ඉල්ලුම් කළේ.”

අනීතික ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව සිය අප්‍රසාදය පළ කර සිටිති.

විදුලි කැපීම පටන්ගත්තා - හිටපු ඇමතිගෙන් හෙළිදරව්වක්

විදුලි කැපීම පටන්ගත්තා - හිටපු ඇමතිගෙන් හෙළිදරව්වක්

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ නීත්‍යානුකූල පටිපාටියට අනුව බවයි.

එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය කිසිසේත් පිළිගත නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.