බුදු අම්මෝ මෙච්චර සෙනඟක් මොනවද මේ පොර කකා බලන්නේ..(VIDEO/PHOTO)

Report

ජනප්‍රිය තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායකවන පුෂ්පා 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම ඊයේ (17) සිදු කෙරුණා.

බිහාර් ප්‍රාන්තයේ පැට්නා හි ගාන්ධි පිටියේ අති උත්කර්ෂවත් ලෙස පැවති උත්සවයක දී මෙම පූර්ව ප්‍රචාරකපටය එළිදක්වනු ලැබුවා.

පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..

පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..

එම අවසථාව දැක බලාගැනීම සඳහා දසදහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ගාන්ධි පිටියට රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම පිරිස් පාලනය සඳහා පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ බොහෝ රසිකයන් චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටින සිනමා තරු නැරඹීම සඳහා ගාන්ධි පිටියේ ඉදිකරන කර තිබූ තාවකාලික කුළුනු මතට නැඟුණු බවයි.

තෙරපීම වැනි තත්ත්වයන් නිර්මාණය වීමත් සමඟ එහි රැස්ව සිටි අතිවිශාල ජනකාය පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන් බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

එහිදී රැස්ව සිටි රසිකයන් පොලිස් නිලධාරීන්ට සෙරෙප්පු, ජල බෝතල් වැනි දෑ වලින් පහරදී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් වැයකර නිර්මාණය කර ඇති පුෂ්පා 2 චිත්‍රපට එළඹෙන දෙසැම්බර් 05 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය අරඹනවා.

GalleryGalleryGalleryGallery