යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්
දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න මහතා බන්ධනාගාරයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, ආරක්ෂක කටයුතු සඳහා හමුදා සාමාජිකයින් පිරිසක්ද එහි යොදවා තිබේ.
එමෙන්ම, යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG), යාපනය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සහ යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන් (OIC) ද බන්ධනාගාරය වෙත කැඳවා ඇති අතර, මේ වනවිට බන්ධනාගාරය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර, ආරක්ෂක ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බන්ධනාගාරය තුළ තිබූ බර ලෝහමය භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතුද සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.