ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

Election Commission of Sri Lanka
By Wayomi Sep 19, 2024 12:34 PM GMT
Wayomi

Wayomi

Report

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.


"21 වනදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්දගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගණන්කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන්කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදලා තිබෙන්නේ. පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම. එම ගණනය කිරීමෙන් අනතුරුව (දිස්ත්‍රික් මට්මින් ගණන් කිරීම් සිදුවේ) පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුවෙනවා. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදුකරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය තමයි සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන්නේ. කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ එකක් ලැබිලා තියෙනවාද කියලා බලනවා. එහෙම ලැබිලා තියෙනවානම් ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙනවා. අපි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනවා. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50ක් හෝ එකක් ලැබිලා නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා, ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා".

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.