සිරගෙදර සිට ඇප ලබා කෙළින්ම පියාගේ දේහය අසලට ආ චමින්ද විජේසිරි
By Kanchana
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පියාණන් වූ ලයනල් විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර, පහරදී තුවාල සිදුකිරීම සහ අයුතු අවහිරය යන චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (24) දින ඇප මත මුදා හැරුණු අතර ඉන් අනතුරුව ඒ මහතා සිය පියාණන්ගේ අවමංගල්‍ය සඳහා මෙලෙස එක්ව තිබුණි.