ඉදිරි පැය 36 සඳහා හදිසි කාලගුණ අනාවැකියක්- පළාත් කිහිපයකටම තද වැසි සහ තද සුළං.

Report

 ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද දින සවස 04.00 ට නිකුත් කරන ලදි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි .

අද දින කාලගුණයේ වෙනසක් - සවස 2න් පසු රටේ තත්ත්වය වෙනස් වෙයි

අද දින කාලගුණයේ වෙනසක් - සවස 2න් පසු රටේ තත්ත්වය වෙනස් වෙයි

Gallery