ජනපති අනුර කුමාර ගැන ඇහෙන සුභ ආරංචිය මෙන්න - ජනතාවගේ මතය එළියට
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ දිට්වා සුළිකුණාටුවෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව වෙනුවෙන් සිදු කර ඇති මැදිහත්වීම ගැන සියයට හැත්තෑ අටයි දශම හතක ජනතා ප්‍රසාදයක් හිමිව ඇති බවයි.
පසුගිය දිනවල සිදුකළ දේශීය හා ජාත්‍යන්තර සමීක්ෂණ දත්ත වාර්තාවලින් වර්තමානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින්නේ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු අතර සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පසුගිය ජනවාරි මාසයේදී දිට්වා සුළිකුණාටුවෙන් පසු සමීක්ෂණයක් සිදු කර ඇත.
ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ
එම සමීක්ෂණයේදී ජනතා සන්ජානනය විවිධ අංශ කෙරෙහි බලපා ඇති ආකාරය ඔවුන් එම වාර්තාවෙන් එළිදක්වා තිබු අතර දිට්වා සුළිකුණාටුවේදී රජයේ සහ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ගැන ඔවුන් ජනතා ප්‍රසාදය සමීක්ෂණය කර ඇත.
එහිදී සමස්ත රජයේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගෙන් සියයට 74 දශම හතරක පිරිසක් සෑහීමට පත්ව තිබු අතර එහිදී රජය මෙම ආපදාව පාලනය කිරීමට ගත් පියවර පිළිබඳව ජනතාව සෑහීමකට පත්ව ඇති බව වාර්තා වේ.
මෙහිදී ජනාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ද ඔවුන් මත විමසීමක් සිදු කර ඇති අතර ඊට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ගැන සියයට 78.7 ක ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් හිමි ඇත.
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ත්‍රිවිධ හමුදාවට සියයට 91.2 ක ඉහළ ප්‍රතිචාරයක් හිමි වූ අතර පොලීසියට ද සියයට 84.6 ක විශ්වාසයක් හා සෑහීමක් ජනතාව ප්‍රකාශයට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් මෙම දිට්වා සුළිකුණාටුවට මැදිහත්වීම ගැන ජනතා විශ්වාසය ලැබී තිබුණේ සියයට 45.8 ක් වන අතර විපක්ෂයේ දේශපාලනඥයින්ගේ කාර්යභාරය ගැන සෑහීමට පත්ව තිබුණේ සියයට 23.7 ක් වැනි අඩු පිරිසක්ය.
එමෙන්ම සහන සේවා සහ විනිවිදභාවය ගැන ද මෙහිදී මත විමසීමක් සිදු කර තිබුණු අතර හදිසි ප්‍රතිචාර ලෙස හදිසි මුදා ගැනීම් සඳහා සියයට 74.6 ක ප්‍රතිචාරයක් ද සහන ද්‍රව්‍ය බෙදා හැරීම ගැන සියයට 73.1 ක සාර්ථක සෑහීමට පත්වීම් පෙන්වා දී ඇත.
විනිවිදභාවය කෙරෙහි ද ජනතාව තුළ සියයට 71.4 ක විශ්වාසය රජය ගොඩනගා ගෙන තිබු අතර විදෙස් ආධාර මුදල් කළමානාකරණය කිරීමේදී රජය විනිවිදභාවයකින් කටයුතු කළ බවයි 71.4 ක ජනතාවක් ප්‍රකාශ කර ඇත. සුලිකුණෘටුවෙන් පසුව වඩාත්ම ඵලදායි ආධාර ලබා දුන් රට ලෙස සියයට 88 ක් හඳුනාගෙන ඇත්තේ ඉන්දියාව වන අතර පාකිස්ථානයට සියයට 49.9 කුත් චීනයට සියයට 43.4 කුත් ලැබී ඇත.