රාජාංගණයේ සද්ධාරතන හිමි ආයෙත් කුණු හරුප කියනවද? වහාම සොයා බලන්න නියෝග

Report

කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් අසභ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසයි.

මින් පෙරද සැකකාර හිමිනමට ඇප ලබා දීමේදී අසභ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටින ලෙස අධිකරණය දැඩි ලෙස අවවාද කර තිබුණු අතර එම නියෝගය ඇප පනතේ විධිවිධානවලට පටහැනිව උල්ලංඝනය කර තිබේද යන්න සොයා බලා ලබන අප්‍රේල් 22 වැනිදා වන විට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

2023 ජූලි 02 වැනිදා පැනවූ ඇප කොන්දේසි නොසලකා හරිමින් සද්ධාරතන හිමියන් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා අශිෂ්ට ප්‍රකාශ නිකුත් කරන බව පාහිංගල ආනන්ද සාගර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

භික්ෂූන් වහන්සේලා, නීතිඥවරුන් ඇතුළු විවිධ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙම අසභ්‍ය වාග් ප්‍රහාර එල්ල කරන බවට පැමිණිලි පාර්ශ්වය විසින් චෝදනා කර ඇත.

නාමල් රාජපක්ෂ මහාධිකරණයට - අප්‍රේල් 2 ආයෙත් ලෝක නඩුවක්

නාමල් රාජපක්ෂ මහාධිකරණයට - අප්‍රේල් 2 ආයෙත් ලෝක නඩුවක්

අදාළ සිදුවීමට අදාළ සියලු සාක්ෂි හා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා, එම තොරතුරු පදනම් කරගනිමින් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර