විදුලි මිල ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අගවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සහිත අධිකාරීවරුන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුවත් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් අනුයුක්ත කරගැනීමේ සූදානමට ඔවුන් විරෝධය පල කරන බවයි.
ආයතනය තුළම අවශ්‍ය සුදුසුකම් සපුරාලූ පිරිස් සිටියදී, බාහිර පෞද්ගලික සමාගමක් හරහා මෙම පත්වීම් ලබාදීමට කටයුතු කිරීම අසාධාරණ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සහිත අධිකාරීවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
වැඩිදුරටත් ඔවුන් පවසා සිටියේ 'ශ්‍රී ලංකා එනජිස්' නැමැති පෞද්ගලික ආයතනය මැදිහත් කරගනිමින් සිදුකෙරෙන මෙම බඳවා ගැනීම් නිසා මණ්ඩලයට අමතර මූල්‍ය බරක් ඇති කරන බවයි.
තවද මෙම බදවාගැනීම් සදහා තෝරාගැනීම් පෞද්ගලික සබඳතා මත හෝ කිසියම් වාසි සහගත පදනමක් මත සිදුවනවාද යන්න ඔවුන්ට සැක බවත් ඔවුන් පවසයි.
ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන නාස්තිකාර මුදල අවසානයේදී විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පොදු මහජනතාවගෙන්ම අය කරගැනීමට ඉඩ ඇති බවත් එසේ සිදු කලහොත් ජනතාව දැඩි ලෙස අසරණභාවයට ලක්වන බවත්ය.