විශේෂ සහන පැකේජය ගැන විරෝධයක් - අස්වැසුම ගැනත් විවිධ අදහස්

Report

අප්‍රේල් 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින පිරිස් සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දෙන බවට නිවේදනය කළේය.

ඒ අනුව "අස්වැසුම" දීමනාව ඉහළ දැමීමට ද කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් සමාජය තුළ මතුවෙමින් තිබෙන අතර, ඇතැමෙක් එම පියවර විවේචනය කොට ඒ සඳහා සිය විරෝධය ද තවත් පිරිසක් එය අගය කරමින් එම තීරණය සඳහා සිය සහාය ද පළ කොට ඇත.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

විරෝධය පළ කරන බොහෝ දෙනෙකුගේ තර්කය වී ඇත්තේ "රැකියාවක් කිරීමට හැකියාව තිබියදී රැකියාවක් නොකරන" පිරිස් වෙත අස්වැසුම දීමනා ලබා දීම වැරදි බවයි. තවත් පිරිසක් චෝදනා කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලැබෙන්නේ සැබවින් ම ඒවා ලැබිය යුතු කාණ්ඩයේ පිරිස් වෙත නොවන බවයි.

මේ වන විට 2026 වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත. එමෙන් ම අප්‍රේල් 10 දක්වා එලෙස සුදුසුකම් ලබා ඇති පිරිස් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගොනු කිරීමට ද එම වෙබ් අඩවිය හරහා හැකිය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

පසුගිය මාර්තු මාසයේදී පවුල් ලක්ෂ 16.6කට වැඩි ප්‍රමාණයකට අස්වැසුම ප්‍රතිලාභය හිමිව ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රු. මිලියන 13,530කි. විරෝධය දක්වන ඇතැම් පිරිස් තර්ක කරන්නේ ඔවුන්ගේ බදු මුදල් මෙලෙස "සුදුසුකම් නොමැති පිරිස් වෙත සහනාධාර ලෙස ලබා දීමට" යොදාගැනීමට ඔවුන් විරුද්ධ බව ය.