ඉස්සරහට අලත් ගණන් වැඩි වෙයිද?
By Kaushi
අඩු මිලට විදේශීය අර්තාපල් වෙළෙඳපොළේ පවතින බැවින් දේශීය අර්තාපල් ගොවීන්ට නිසි මිලක් නොලැබෙන බවට කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ප්‍රේමසිරි සඳහන් කළා.
ඒ අනුව ඔහු ප්‍රකාශ කර සිටියේ මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවයි.
එබැවින් ලබන සතිය වනවිට වැඩි වශයෙන් අර්තාපල් තොග වෙළෙඳපොළට ලැබෙනු ඇති බව සඳහන්.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය අර්තාපල් ගොවීන්ට නිසි මිලක් ලබාගැනීමට නම් විදේශීය අර්තාපල් සඳහා වන ආනයනික බදු මෙම අවස්ථාවේදී වැඩි කළ යුතු බවයි.