මාලු මිල ඉහළ යයි - හිටපු ධීවර ඇමති අනතුරු ඇඟවයි

Report

වින්ච් ක්‍රමවේදය යොදාගෙන මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් ලබන සඳුදා (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබ ඇත්තේ, දින කිහිපයක් තිස්සේ වර්ජනයක නිරතව සිටි මාදැල් ධීවරයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී ය. ආණ්ඩුව විසින් මෑතකදී වින්ච් ක්‍රමවේදය යටතේ මාදැල් ධීවර කටයුතු තහනම් කිරීමත් සමඟ එම ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

සාකච්ඡාවේදී ධීවරයින් විසින් තමන් මුහුණ දෙන ගැටළු සියල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර, සියලු පාර්ශ්වකරුවන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මගින් සුදුසු විසඳුම් ලබා ගැනීමට එහිදී එකඟතාව පළ වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ගැටළුවට විසඳුම් සෙවීම සඳහා රජයේ සහයෝගය ලබා දෙන බවයි. ඒ අනුව, මාදැල් ධීවරයින් සිය විරෝධතාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර, මෙම ගැටළුවට සුදුසු විසඳුමක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවේ මාළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනතුරු අඟවා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ, මාදැල් ධීවර කර්මාන්තයේ බාධක නිසා මාළු නිෂ්පාදනය අඩාල වීමෙන් පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල විය හැකි බවයි. මෙම තත්ත්වය මත ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බැවින්, ඉක්මන් විසඳුම් අවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.

තීරණයක් ගන්න ඉක්මන් වෙන්න එපා - ඔබේ ලග්නයේ අද අනාවැකිය කියවලා බලන්න!

තීරණයක් ගන්න ඉක්මන් වෙන්න එපා - ඔබේ ලග්නයේ අද අනාවැකිය කියවලා බලන්න!