මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්
By Shehan
අද (03) උදෑසන 6:35ට පමණ මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලීසිය පවසන පරිදි, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ, ටී-56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
මෙම ප්‍රහාරයෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරු වහාම රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාලකරු බස් රථ හිමිකරුවෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු බවද පොලීසිය පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.