ජින්තුපිටිය වෙඩිල්ල නිසා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හිරේ දාන්න බෑ - ඇප පිට නිදහස්
ඉකුත් (14) වන දින ජින්තුපිටිය ප්‍රදේශයේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෝදර අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අඳාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබුණා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කර ඇත.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීමටත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් ලබා දීමටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් විමර්ශන නිලධාරින් ඉල්ලා සිටියද එය ඇප පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රතික්‍ෂේප කරන බව සඳහන් කරමින් සැකකරුවන්ට මෙසේ ඇප ලබා දෙන බවයි.
ඒ අනුව ඇප මත මුදා හරිනු ලැබුවේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.
අඳාළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.