අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී ඇත්තේ කඩුවෙල අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමටයි.

මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි.

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි

  මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් CCTV රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් ව තිබේ.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුයි .

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි සදහන් වේ .

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද  වාර්තා වේ.

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර ඇත.

ඒ වගේම අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබ තිබේ.