පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් එම පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවත් සඳහන් කළා.

එසේම අදාළ නිවේදනයෙන් එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව මඟින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා පිළිබඳව පිළිතුරු ලබා දුන් බවයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

එහිදී පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් ඔහු අවධාරණය කර සිටින බව සඳහන්.

මේ නිසා එම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත් ප්‍රකාශ කරයි.

තවද අඳාළ පොලිස් නිවේදනයේ මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.

එම නිවේදනය පහතින්,

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක් | Police Denies Fake News On Easter Mastermind

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට