පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඊයේ දින (8) පැවති පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා මෙසේ පවසා ඇති බව වාර්තා වේ.
මෙම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත
එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පවසා ඇති බව වාර්තා වේ.