සැකකරුවන් වමාරද්දි පොලිසියේ රෙදිත් ගැළවෙයි - රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉකුත් 02 වන දින තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව දුරකතන වාර්තා විශ්ලේෂණය කර ඇත.
එහිදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටී සැකකාර කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය වාර්තා කළේ එම ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවත් ය.
මේ අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල්වරයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධවී ජාවාරම් කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
එසේම සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුරටත් විමර්ශන සිදුකරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කළුතර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් පවත්වන බව සඳහන්.