ජනවාරි ඉඳන් වැටුප වැඩි කරනවා කිව්වට ඒකෙත් කොස්සක් මෙන්න

Report

වැවිලි සමාගම් බලධාරීන් විසින් වතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1,750 දක්වා ඉහළ දැමීමට අදාළව ක්‍රමවේදයක් සකස් කරගැනීමට තවදුරටත් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරයි.

මෙවර 2026 අය වැය මගින් වතු කම්කරු වැටුප ජනවාරි මස සිට රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී රජය මඟින් රුපියල් 200 ක දීමනාවක් වතු කම්කරුවකුට ලබාදීමට නියමිතව ඇත.

අස්වැසුම ගැන අති විශේෂ නිවේදනයක්

අස්වැසුම ගැන අති විශේෂ නිවේදනයක්

ඒ අනුව වතු සමාගම් මඟින් දැනටමත් වතු කම්කරුවකුට රුපියල් 1,350 ක වැටුපක් ලබා දෙන අතර එය ජනවාරි මාසය වන විටදී රුපියල් 1,550 ක් දක්වා රුපියල් 200 කින් වැඩිකළ යුතු බව වාර්තා වේ.

කෙසේ වෙතත් වතු කම්කරු වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ නැංවීම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රජයේ පාර්ශව වැවිලි සමාගම් නියෝජිතයන් සමඟ ඉකුත් කාලයේදී සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබුණා.

එබැවින් වතු සමාගම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධව තවදුරටත් රජය සමග සාකච්ඡා කරන බවයි.

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ