පියුමි හංසමාලිගේ පුතා එක්ක 6දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට - හේතුව මෙන්න
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු එළඹෙන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) දින නියෝග කර ඇත.
ඒ අනුව සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කිරීමට ද නියෝග කළා. වැලිකඩ පොලිසිය මඟින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එසේ නියෝග කළ බව සඳහන්.
මීට මාස තුනකට පමණ පෙරදී පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු හෙළි වන බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත.
එසේම පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වූ බව සඳහන්.
කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ ත්‍රී රෝද රථ රියදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු බව වාර්තා වේ.