මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ගාව තිබ්බ තම වාහනය ගැන පියුමි හංසමාලි කියපු අමුතු කතාව. - (PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police BMW Piumi Hansamali
By Wayomi Jul 07, 2024 07:21 AM GMT
Wayomi

Wayomi

Report

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර තිබුණා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිදු වන දෙයක් ගැන දැනුම් දීමක්. අදයි හෙටයි මේ වැඩේට එළියට යනවා නම් මේ ගැන දැනගෙනම යන්න.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිදු වන දෙයක් ගැන දැනුම් දීමක්. අදයි හෙටයි මේ වැඩේට එළියට යනවා නම් මේ ගැන දැනගෙනම යන්න.


එමෙන්ම මෙම වසර මුලදී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.

මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.

මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.


මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනුණා.

හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.

හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.


සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙස් වෙතත් නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමට ලියාපදිංචි කර ඇති වාහනයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ළඟ තිබියදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පලවන වාර්තාවන්ට ඇය විසින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.


ඇය තම සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ මෙවැන්නක්,

මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.

ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා . එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.

ඔය වාහනෙ කුඩු ඇදලත් නෑ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නෑ. මම කුඩු විකුනලත් නෑ.

මේ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි.

මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනේ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න වුණා.

ගොඨාබය සර් පැද්ද එකක් අරං මට තාම කරදර මට මේ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නෑනේ මොන කරුමයක් වුණානේ.

මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.

අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ බිරිඳගේ නමට ගත්තෙ. බිරිඳ මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.

ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා.

ඕක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ.

දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මේ ගහන ගේම් එකක්.

හැබැයි සාප වෙනවා මේ කරන පවුකාර වැඩේට .මම නම් සාප ඉල්ලනවා.මාර කරුමයක් වුණානේ.”



GalleryGallery