හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.
හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන්, ජනතාවද අපහසුතාවට පත්වීම බවයි.
කෙසේ වෙත්ත ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත්, ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.