මැතිවරණය ජය ගත් ''පාර්ලිමේන්තුවේ බේබි''

By Parami Dissanayake Jul 07, 2024 02:45 PM GMT
Report

පසුගියදා නිමාවට පත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් 22 හැවිරිදි තරුණයෙක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වී තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කළ සෑම් කාර්ලින් "පාර්ලිමේන්තුවේ බේබි" ලෙස හැඳින්වීමට ඉඩ ඇති බව විචාරක මතයයි.

දුරකථන සොරකමේ ගිය අම්මයි දුවයි...

දුරකථන සොරකමේ ගිය අම්මයි දුවයි...

ඔහු වයඹදිග කේම්බ්‍රිජ්ෂයර් කොට්ඨාසය නියෝජනය කරමින් වැඩි ඡන්ද 39කින් ජයග්‍රහණය කළේය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිලාභියෙක් වන සෑම් අතින් පරාජයට පත්වූයේ, වසර 22ක් පමණ කාලයක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ශයිලෙෂ් වාරා ය.

ආර්.සම්බන්ධන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද...

ආර්.සම්බන්ධන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද...

තම ජයග්‍රහණය "දේශපාලන භූමිකම්පාවක්" බව පවසන සෑම්, දේශපාලනය සඳහා වැඩි වැඩියෙන් තරුණ පිරිස් පැමිණෙතැයි තමා අපේක්ෂා කරන බව පැවසීය.