ආර්.සම්බන්ධන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද...
By Parami Dissanayake
අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) සිදුකළේය.
මිය යන විට 91 වැනි වියේ පසුවූ මෙතුමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය ඉරිදා රාත්‍රියේ ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත විය.
අද ත්‍රිකුණාමලය, පොදු සුසාන භූමියේ දී සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළේ ය.
ඒ මහතා වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර වරක් විපක්ෂ නායක ධුරය ද හොබවනු ලැබීය.
අද පස්වරුවේ පැවති සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් සහභාගී වී තිබේ.