දුරකථන සොරකමේ ගිය අම්මයි දුවයි...

By Parami Dissanayake Jul 07, 2024 02:24 PM GMT
Report

අද (07 වැනිදා) පස්වරුවේ දඹුල්ල ජංගම දුරකථන සහ විදුලි උපකරණ සොරකමේ යන මවක සහ දියණියක සැකපිට දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණ දියණියක් සහ මැදිවියේ පසුවන මවක් බව පොලිසිය කියයි.

මෙම මව සහ දියණිය කුඩා පිරිමි ළමයකු ද සමග දඹුල්ල නගර මධ්‍යයේ ජංගම දුරකථන අලෙවිසලකට පැමිණ දුරකථන මිල සහ ජංගම දුරකථන උපාංග මිල විමසන අතරතුරදී ඉතා සූක්ෂම ලෙස මෙම දියණිය ජංගම දුරකථනයක් සොරකම් කොට ඇයගේ බෑගයට දමා ගන්නා බවත් එම අවස්ථාවේදීම මව වෙළෙඳසලේම තවත් ජංගම දුරකථන උපකරණයක් ඉතා සූක්ෂම ලෙස සොරාගෙන යතුරුපැදි හිස් වැසුමේ බහගන්නා බවත් CCTV කැමරා පද්ධතියේ සටහන් ව තිබුණි.

ආර්.සම්බන්ධන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද...

ආර්.සම්බන්ධන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද...

පසුව නගරයේ තවත් වෙළෙඳසලකට ගමන් කිරීමට සූදානම්න් සිටියදී සැකකාරියන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මව සහ දියණිය රැකියාවක් ලෙස විවිධ නගරවලට ගොස් විදුලි උපාංග ජංගම දුරකථන සහ විවිධ භාණ්ඩ සොරාගන්නා බව අනාවරණය වී ඇත.

මෙවන විටත් අවස්ථා ගණනාවක ගලේවෙල සහ අවට පොලිස් ස්ථානවලින් මෙම මව සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

මෙම මව සහ දියණිය දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.