රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (11) දින ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඔහුට එළඹෙන 25 වන දා තෙක් දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
එමෙන්ම අධිකරණය හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතයට පත් කරන තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
“ස්වාමීනි.. අධිකරණය මගින් වරදකරුවන් කරන පුද්ගලයින්ට සමාව ලබාදීමේ බලය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී තිබෙනවා. ඒ යටතේ කාණ්ඩ හතරක වැරදි වලට සම්බන්ධ පුද්ගලයින්ට ජනාධිපතිවරයාට සමාව ප්‍රදානය කළ හැකියි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මගින් ඉකුත් මැයි මස (02) වනදා වරදකරු කරන අතුල තිලකරත්න නැමති පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම වෙනවා. මේ දඩය නොගෙවීම නිසා එම විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට අඳාළ දඩ මුදල වන්දියක් ලෙස අයකර ගන්නා ලෙසට අනුරාධපුර අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මස (02) වනදා සිරගත වන මේ වරදකරු මැයි මස (12) වනදා ජනාධිපති සමාව මත නිදහස් කරනවා. දැන් ඒ පුද්ගලයා රටින් පලා ගිහින් කියලත් තොරතුරු ලැබී තිබෙනවා. ස්වාමීනි.. මෙහෙම වෙන්නේ කොහොමද.? ස්වාමීනි.. වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකරුවන් 37 දෙනෙකුගේ නාම ලේඛනයක් මේ සැකකරුට යවනවා. එහෙත් මේ සැකකරු සමාව දීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන්නේ සිරකරුවන් 36 දෙනෙකුගේ නම් පමණයි. එක් නමක් අඩුවෙන් තමයි යවන්නේ. ඉන් පස්සේ මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දෙනවා ජනාධිපතිවරයා සිරකරුවන් 37 දෙනෙකුට සමාව දීලා තියෙනවා කියලා. ඔහු ඇයි එහෙම කළේ කියන ප්‍රශ්නය මතුවෙනවා. අනුරාධපුරෙන් නීති විරෝධී ආකාරයට එක් සිරකරුවෙක් නෙවෙයි සිරකරුවන් 03 දෙනෙකු නිදහස් කරලා තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේවා ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා.
දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරු ගැන විමර්ශනය කරනවා. අධිකරණ වලින් බොහොම අමාරුවෙන් තමයි සාක්ෂි මෙහෙයවලා පුද්ගලයකු වරදකරු කරන්නේ. එසේ අධිකරණ තීන්දු දුන්නම මේ අය වෙනමම නඩු අහලා වරදකරුවන්ට සමාව දීල ගෙදර යවනවා. මෙයාලා බන්ධනාගාර ඇතුළේ රාජධානි හදාගෙන නඩු අහල සමාව දෙනවා. මේගොල්ලෝ සර්ව බලධාරීන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සියලු දේවල් සිදුවෙන්නේ මේ සැකකරුගේ නායකත්වයෙන්. මොහුගේ අනුදැනුම නැතුව මේ වගේ වැඩ කරන්න බැහැ. ලක්ෂයක් දඩ ගහපු පස්දෙනෙක් පොදු සමාව ලබන්න සුදුසුකම් ලබලා තිබෙනවා නම් ඔවුන් අතරින් එක්කෙනෙක් මේගොල්ලෝ තෝරාගන්නේ කොහොමද.? කියලා මම ප්‍රශ්න කරනවා. ඒ අයව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවද.? එහෙම නැත්නම් තමන්ට ලැබෙන වාසියට අනුව නිදහස් කරන පුද්ගලයාව තෝරගන්නවාද.? කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. මෙයාලා නිදහස් කරන පුද්ගලයින් ගැන කවදාවත් අධිකරණ දැනුවත් කරන්නේ නැහැ. මොකද ඒක එයාලට මදිකමක්. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා සියල්ලට උඩින් ඉන්නවා කියලා. ඇත්තටම වෙසක් දින නිදහස් කළ 388 දෙනා ඇත්තටම නිදහස ලැබීමට නියමිතව සිටි අයද කියලත් අපි පරීක්ෂණයක් කරනවා. මොකද මේ පුද්ගලයින්ගේ නම් එවන්නේ නෑ. අංක විතරයි එවන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි පරීක්ෂණ කරනවා.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ මෙසේ ද කියා සිටියා.
“ස්වාමීනි.. සිංගප්පූරු නඩු තීන්දු අපේ රටට හරියන්නෙ නෑ. මේ රටේ ඉන්නේ සංවිධානාත්මක වගේම සූක්ෂම අපරාධකාරයෝ. එයාලා පැනලා ගියොත් ආයේ අපිට අල්ලන්න හැකි වෙන්නේ නෑ. බැසිල් රාජපක්ෂ කියලා පුද්ගලයෙක් විදේශගත වෙනකොට මම විරුද්ධ වූණා. ඔහු ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ පුද්ගලයෙක්. දැන් විදේශගත වෙලා ගෙන්න ගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ නඩුකරයේ ප්‍රධාන බූවල්ලා ඇතුල හිටියට එයාගේ අඩු එළියේ දස අතේ විහිදිලා තිබෙනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයෝ ගැන සැහැල්ලුවෙන් තකන්න බැහැ. ස්වාමීනි අපි විමර්ශන කරලා ඊළඟ සති දෙක තුළ අධිකරණයට හිතාගන්න බැරි මවිතයට පත්කරන තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”
