පාසලක්ම හැඬවූ බිහිසුණු අනතුරින් එක් සිසුවෙක් මරුට - උදේම ඇවිත් තියෙන්නේ වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු වෙනුවෙන්
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේදී අද (02) දින උදෑසන බිහිසුණු අනතුරට ලක් වූ සිසුන් දෙදෙනා සිල්වෙස්තර විදුහලේ සිසුන් දෙදෙනෙකු බව හෙළිව ඇත.
ඒ අනුව ඔවුන් දෙදෙනා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල හා විද්‍යාර්ථ විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් අද උදෑසන පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
එහෙත් උදෑසන 6.30ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසළදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටී මෙම බිහිසුණු අනතුර සිදුව තිබුණා.
එම අනතුරින් එක් සිසුවෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරට ලක්වූ අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
විදුහලේ 13 වැනි වසරේ අධ්‍යාපනය ලබන අඳාළ සිසුන් දෙදෙනා වාර්ෂික මහා ක්‍රිකට් තරගයට අදාළව පත්කළ ආරක්ෂක කමිටුව නියෝජනය කළ අතර තරගය නැරඹීමට පැමිණෙන සිසුන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පෙර ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු කටයුතුවලට සම්බන්ධ වීම වෙනුවෙන් මොවුන් පෙරවරුවේ යමින් සිට ඇති බව හෙළිව ඇත.
ගාල්ලේ ලොකු ප්‍රශ්නයක් විගණන වාර්තාවකින් එළිවෙයි - මේ නිලධාරීන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතික සනාථ කරන්න බෑ
මේ අතර සිසුන් ගමන් ගත් යතුරු පැදිය දිගන සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී අනතුර සිදුව තිබෙන බවත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව සඳහන්.