තවත් යුද්ධයක්ද? පාකිස්ථානය කළ ශාපයට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් රතු එළියක්

Report

අමෙරිකා - ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට ශාපයක් වශයෙන් හඳුන්වමින් දැඩි විවේචනයක් එල්ල කර ඇත.

ඒ සිය නිල X ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

ඒ අනුව එම සටහනට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රබල ප්‍රතිචාරයක් හිමිව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ අනතුරු ඇගවීමෙන් පසුව පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා සිය X සටහන මකා දමා ඇති බවයි.

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

අඳාළ X සටහනෙන් අමාත්‍ය අසීෆ් කියා ඇත්තේ ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ලෙබනනයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතින බවයි.

ඒ අනුව "ඊශ්‍රායලය විසින් අහිංසක පුරවැසියන් මරා දමමින් සිටිනවා. පළමුව ගාසා තීරය, පසුව ඉරානය සහ දැන් ලෙබනනය; මෙම ලේ වැගිරීම් නොනැවතී ඉදිරියටම යනවා," යනුවෙන් ඔහු එහි ලියා තිබුණු බව සඳහන්.

එමෙන්ම,"යුරෝපීය යුදෙව්වන්ගෙන් මිදීම සඳහා පලස්තීන භූමියේ මෙම පිළිකාකාරක රාජ්‍යය නිර්මාණය කළ පුද්ගලයන් නිරයේ දැවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා සහ ප්‍රාර්ථනා කරනවා," යනුවෙන් ද අසීෆ් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

කෙසේ වෙතත් ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විනාශ කළ යුතු බවට පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින්ම පිළිකුල් සහගත බවයි.

ඒ අනුව 'කිසිදු රජයකින්, විශේෂයෙන්ම සාමය වෙනුවෙන් මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින රජයකින් මෙවැනි ප්‍රකාශයක් කිසිසේත් ඉවසිය නොහැක' යනුවෙන් ඔහුගේ කාර්යාලය X හි සටහනක් තබමින් දන්වා ඇත.

බෝම්බ වැස්සෙන් බීරූට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරෙයි - ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාර ගැන ලොවම කළකිරෙයි

බෝම්බ වැස්සෙන් බීරූට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරෙයි - ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාර ගැන ලොවම කළකිරෙයි

ලොවම බලාසිටින ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද

ලොවම බලාසිටින ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද

Gallery