ලොවම බලාසිටින ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද

Report

ඇමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි.

සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදාවා තිබේ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පාකිස්තා රජය විසින් ඉස්ලාමාබාද් නුවරට දින දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ.

 සාකච්ඡා පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් අගනුවර සෙරීනා හෝටලයේය. එය මේවනවිට, පාකිස්තාන රජයේ පාලනය යටතේ පවතී. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෝටලයේ දැනට රැඳී සිටින සියලුම අමුත්තන්ට වහාම ඉවත් වන ලෙස ද දැනුම් දී ඇත.

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

හෝටලය අවට කිලෝමීටර් 3 ක කලාපයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර කිසිවකුට එම කලාපයට ප්‍රවේශ වීමට ඉඩ ලැබෙන්නේ නැත.

අගනුවර වාහන දැඩි ලෙස සෝදිසි කිරීම්වලට ලක්වන බව ද පැවැසෙයි. හෝටලයට ඉහළින් ගුවන් කලාපය ද වසා දමා තිබේ.

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි