ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

Report

ඉකුත් අප්‍රේල් 01 වැනිදා එල්ල වූ ප්‍රහාරයකින් ලැබූ තුවාල හේතුවෙන් ඉරාන විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානී සහ හිටපු විදේශ අමාත්‍ය කමල් ඛරාසි (81) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවාස ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් ඛරාසි තුවාල ලබා සිටි අතර, ඔහු ඊයේ (09) දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බවයි.

එමෙන්ම එම ප්‍රහාරයෙන්ම ඔහුගේ බිරිඳ ද මියගිය බවටද ප්‍රෙස් ටීවී (Press TV) ආයතනය සඳහන් කර ඇති බව සඳහන්.

ඉරානයෙන් ලෝකෙටම නිවේදනයක් - හදිසියෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ ගමන් මාර්ග වෙනස් වෙයි

ඉරානයෙන් ලෝකෙටම නිවේදනයක් - හදිසියෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ ගමන් මාර්ග වෙනස් වෙයි

කෙසේ වෙතත් ඉරාන දේශපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ඛරාසි, ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ප්‍රධාන තනතුරු කිහිපයක් දරා ඇත.

ඒ අනුව ඔහු 1997 අගෝස්තු සිට 2005 අගෝස්තු දක්වා ඉරානයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර, අත්‍යවශ්‍ය උපදේශක සභාවේ (Expediency Discement Council) සාමාජිකයෙකු වශයෙන් ද සේවය කර ඇත.

එසේම මියයන විට ඔහු ඉරානයේ උත්තරීතර නායකත්වයට සෘජුවම වාර්තා කරන, විදේශ ප්‍රතිපත්ති පිළිබඳ මඟ පෙන්වන උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරමින් සිටී.

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට