ජනතාව පරිස්සමෙන්.. - අකුණක් වැදී අයෙක් මිය යයි - හයක් රෝහලේ..
By Shehan
ඇටම්පිටිය පොලිස් වසමේ ඒ-කිරොස් වතුයායේදී පුද්ගලයින් කිහිප දෙනෙකුට අකුණු සැර වැදී රෝහල්ගත කළ බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඒ-කිරොස් වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු, දිවා කාලයේ එකතු කළ තේ දළු ගබඩා කිරීමට වතුයායේ ඇති මඩුවක රැඳී සිටියදී අකුණු සැර වැදීමට ලක්ව ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
තුවාලකරුවන් හයදෙනා ඇටම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එක් කාන්තාවක් මියගොස් ඇති අතර, පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා ඇත.
මියගිය කාන්තාව වයස අවුරුදු 47ක, නෙළුවවත්ත, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.