සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..

Report

පසුගිය මැයි මස 15 වන දා අවසන් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ලබා දීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?.. | Ol Exam Results In Coming September 2024

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

2023 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527 ක දී පැවැත්විණ.

හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO)

හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO)


ඒ, සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටියේ ය.

ඉන් 3 87, 648ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,331ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර 2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) දිනයේ නිකුත් කරනු ලැබුවේ ය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන තිබෙනවා.

එමෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.  

සම්පූර්ණ විස්තරය පහතින්,

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.