උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.

Report

අද (31) පස්වරුවේ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරිමට කටයුතු කළේ ය.

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න. | A Level Students Take The First Place In Island

මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන තිබෙනවා.

එමෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි...මෙතනින් ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..


කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ හිමිකර ගෙන තිබෙනවා.

මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මුල්විල රාලලාගේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ විසින් හිමිකරගෙන ඇත.