තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට 169ක ඉලක්කයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) දින පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපො‍රොත්තු තබා ගැනීමට නම් මෙම ඉලක්කය අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු වේ.

තරගයට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, ඒ නිසා 13(12.1)වන පන්දුවාරය ක්‍රියාත්මක වන විට නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 84ක් තුළ දවාගැනීමට සමත්ව තිබුණා.

අවසන් පූර්ව වටයට යන බලාපොරොත්තුවට සුබ ලකුණක් - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් පූර්ව වටයට යන බලාපොරොත්තුවට සුබ ලකුණක් - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කෙසේ වුවත් 7වන කඩුල්ලට එක්වූ නායක මිචෙල් සැට්නර් හා කෝලේ මැකොන්චි පන්දු 47කින් ලකුණු 84ක සබඳතාවක් පැවැත් විය.

එමෙන්ම එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ 7වන කඩුල්ලට වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව වශයෙන් වාර්තා පොත් අතරට එක්විය.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තීරණාත්මක තරගයට තව පැයගාණයි - හදිසියේම නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ වෙනසක්?

තීරණාත්මක තරගයට තව පැයගාණයි - හදිසියේම නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ වෙනසක්?

ක්‍රිකට් ලෝලීන්ට දැනුම්දීමක් - T20 ලෝක කුසලාන අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට

ක්‍රිකට් ලෝලීන්ට දැනුම්දීමක් - T20 ලෝක කුසලාන අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට