විරෝධය නිසා නුවරඑළිය උණුසුම් වෙයි - දැඩි පොලිස් ආරක්ෂාවක්[UPDATE]

Report

අද දින (10) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා රජයට තම විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ ඵළවලු වගා ගොවීන් කටයුතු කර තිබෙනවා.

ඒ දේශීය වෙළදපොළේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූනු තොග පවතින විට රජය මඟින් බී ලූනු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින්.

එසේම ඔවුන් චෝදනා කරන්නේ ආනයනය කර ඇති ලූනු තොග සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකර ඇති බවටයි.

දිවයින පුරා ගොවීන් අද වර්ජනයක - හේතුව මෙන්න

දිවයින පුරා ගොවීන් අද වර්ජනයක - හේතුව මෙන්න

මේ හේතුවෙන් දේශීය අර්තාපල් සහ බී ලූනු ගොවින්ට නිෂ්පාදන වියදමවත් ආවරණය වන ලෙස අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවද වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයන් සහ ගොවීන් පවසයි.

මේ අතර අද නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකළ බවත්, නුවරඑළිය ප්‍රදේශයේ ඵළවලු වගා ගොවින් අද දෛනික කටයුතුවලින් ඉවත් වී සිටින බවත් එම ව්‍යාපාරිකයන් සඳහන් කළා.

මේ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇත.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්