දිවයින පුරා ගොවීන් අද වර්ජනයක - හේතුව මෙන්න
දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද දින(10) ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් පවසන්නේ රට පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් අද ඉවත් වන බවයි.
ඉකුත් කාලය තුළ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල වගා කරන ගොවීන් ද මිල ගැටලුව නිසා දැඩි අපහසුතාවට පත්ව ඇත.
එනිසා ඔවුන් අවස්ථා රැසකදීම අල සහ ලූනු ආනයනය සීමා කර, දේශීය ගොවියා රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.
එහෙත් ඒ පිළිබඳ රජය පාර්ශවයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව කියමින් රට පුරා වර්ජනයක් දියත් කිරීමට තම සංවිධානය තීරණය කර ඇති බවයි දේශීය ගොවි හඬ සංවිධාන කොළඹ ඊයේ දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා ඇත.
එසේම ආරම්භ කිරීමට නියමිත මෙම ගොවි වර්ජනය නිසා ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල ද සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර, එළවලු මිල පහත වැටීමක් ද වාර්තා වී ඇත.