නුවන්ගේ පැමිණිල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් විරෝධතා ගොනුකරන බව දැනුම් දෙයි
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කළ පැමිණිල්ලට විරුද්ධව විරෝධතා ගොනු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වන දින කැඳවන මෙන් කොළඹ දිසා අධිකරණය නියම කර ඇත.