ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිසියේ කළ ඉල්ලීම?
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තමන්ව ජාතික කොන්ත්‍රාත්තුවක් සඳහා සලකා නොබලන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමඟ එක්වීමට ඔහු සුදානමින් සිටි අතර, ඒ සඳහා පැවැත්වූ අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.