දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට
දිල්ලි රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ පිවිසුම අසල පුපුරා ගිය මෝටර් රථයේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සඳුදා සවස 6.50 ට දිල්ලි රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුව අසල විශාල ශබ්දයක් සමඟ මෝටර් රථයක් පුපුරා ගියේය. සිද්ධිය අතරතුර, අසල තිබූ සමහර වාහනවලට ගින්න පැතිර ගිය අතර පුද්ගලයින් 9 දෙනෙකු මිය ගිය අතර 24 දෙනෙකු තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය පිරිසට අමතරව විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය ආසන්නයේ පිහිටි ලෝක් නායක් ජායි ප්‍රසාද් රෝහලේ මේ නවන විට ප්‍රථිකාර ලබමින් සිටියි.
ඊයේ පස්වරු 6.52කට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට නම් කර ඇත. ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.
ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය රථ ගාලෙන් ඉවතට පැමිණ දිල්ලි හි ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස පසුව කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.
මෙම තත්ත්වය තුළ, බෝම්බ ආවාට හෝ සලකුණු එම ස්ථානයේ දක්නට නොලැබුණද, කුඩා මෝටර් රථ පිපිරීමකින් එතරම් විශාල හානියක් සිදු නොවන බැවින්, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරේ. නිලධාරීන්ට අනුව, පුපුරා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය මත පදනම්ව, වත්මන් හිමිකරු නදීම් ඛාන් සහ හිටපු හිමිකරු මොහොමඩ් සල්මන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කර ඇත.
සිද්ධියට පැයකට පෙර, අරියානා හි කාශ්මීර වෛද්‍යවරයෙකු නවාතැන් ගෙන සිටි නිවසින් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් වල ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.