මාලිමාවේ නිකවැරටිය මහා ජන රැලිය ඇරඹේ - ජනතාව ජනපති අනුර පැමිණීම අපේක්ෂාවෙන් [VIDEO]

Report

ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ‘අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි’ තේමාව යටතේ පැවැත්වෙන නිකවැරටිය මහා ජන රැලිය මේ වන විට ආරම්භ වී තිබේ.

දිවයින පුරා පැවැත්වෙන ජන රැලි මාලාවේ එක් අදියරක් ලෙස මෙම රැලිය පැවැත්වෙන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊට සහභාගි වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සහභාගිත්වය අපේක්ෂාවෙන් පැවැත්වෙන මෙම ජන රැලියේදී ආණ්ඩුවේ දෙවසරක ගමන්මඟ සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් පළවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම රැලියට අමතරව, එදිනම ඉබ්බාගමුවේදී ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැලියක් පැවැත්වීමට නියමිතය. එම රැලිය ද තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

එම රැළිය පහතින් නරඹන්න.

අද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ පළාත්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ පළාත්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්

පාසල් පොත්, උපකරණ හා ආහාර ඇතුළු සහන රැසක් - ලබන අයවැයෙන් පාසල් දරුවන්ට සහන ලබාදෙන්නැයි ඉල්ලීම්

පාසල් පොත්, උපකරණ හා ආහාර ඇතුළු සහන රැසක් - ලබන අයවැයෙන් පාසල් දරුවන්ට සහන ලබාදෙන්නැයි ඉල්ලීම්