පාසල් පොත්, උපකරණ හා ආහාර ඇතුළු සහන රැසක් - ලබන අයවැයෙන් පාසල් දරුවන්ට සහන ලබාදෙන්නැයි ඉල්ලීම්

Report

2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පොරොන්දු වූ පරිදි ඉදිරි අයවැයේදී බදු සහන ලබාදීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ජනාධිපතිට ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත.

එහි සඳහන් වන්නේ, 2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ පවුල්වල ජීවන වියදම ඉහළ යමින් පවතින පසුබිමක, පාසල් පොත්, ලිපිද්‍රව්‍ය, උපකරණ සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් ඔබතුමා මැතිවරණ සමයේදී ජනතාව හමුවේ ලබා දුන් ප්‍රතිඥාව කෙරෙහි අවධානය යොමු කරමි.

පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් - සෞදි රාජ්‍ය දැඩි අවදානමක

පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් - සෞදි රාජ්‍ය දැඩි අවදානමක

2024 අගෝස්තු මාසයේ පැවති මැතිවරණ රැලිවලදී ඔබතුමා ප්‍රකාශ කර තිබුණේ NPP ආණ්ඩුවක් යටතේ පාසල් භාණ්ඩ සහ ආහාර සඳහා VAT බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි. එම ප්‍රතිඥාවට අනුකූලව, NPP 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බදු ප්‍රතිපත්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා 0% VAT අනුපාතයක් හඳුන්වාදීමට යෝජනා කර ඇත.

එහි දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, පාසල් පොත්, ලිපිද්‍රව්‍ය හා උපකරණ ඇතුළු භාණ්ඩ පැහැදිලිව සඳහන් කර තිබේ. එබැවින්, පාසල් පොත් හා අභ්‍යාස පොත්, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ, දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර, දේශීය කිරි හා බිත්තර, ළදරු හා ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර සඳහා පවතින VAT සහ අනෙකුත් අදාළ බදු බර නැවත සමාලෝචනය කර, රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි සියලු බදු 2027 අයවැයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම - එන අයවැයෙන් වැටුප් හා දීමනා සඳහා මුදල් තුලනය ගැන ජනපති කියයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම - එන අයවැයෙන් වැටුප් හා දීමනා සඳහා මුදල් තුලනය ගැන ජනපති කියයි

මෙවැනි බදු සහනයක් විශේෂයෙන්ම අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සෘජු සහනයක් ලබාදෙන අතර, රටේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය සඳහාද වැදගත් පියවරක් වනු ඇත. එබැවින්, මැතිවරණ සමයේදී ජනතාව හමුවේ ඉදිරිපත් කළ මෙම ප්‍රතිපත්තිමය පොරොන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා 2027 අයවැය තුළින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.