මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර අටේ සිට සැලකිය යුතු කාලයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඊට අදාළ වැඩපිළිවෙළක් යෝජනා කිරීමට තාක්ෂණික ඇගයීම් කමිටුවක්ද පත්කර තිබෙන බව සඳහන්.
තවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ අලුතින් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අයැදුම්කරුවන්ගේ වයස හා ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගෙන රිය බලපත්‍රයේ වලංගු කාලය වසර අටකට වඩා වැඩි කිරීමට මෙන්ම මැදිවියේ හා වයස අවුරුදු 40ට වැඩි රියැදුරු බලපත්‍ර නව ඉල්ලුම්කරුවන්ට සහ රිය බලපත් අලුත්කර ගැනීමට එන අයැදුම්කරුවන්ට ගැළපෙන කාලසීමාවක් දක්වා වලංගු කාලය වැඩි කිරීමටද යෝජනා වී ඇති බවයි.
එහෙත් ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක විසින් මෙය තීරණයක් නොව යෝජනාවක් පමණක් බව කියා සිටියා.
එමෙන්ම එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තද එය බර වාහන රියැදුරන්ට අදාළ නොවන බවත් බර වාහන රියැදුරන් වසර තුනෙන් තුනට රිය බලපත්‍ර අලුත් කරගත යුතු බවත් ඔහු පැවසුවා.
මේ අතර අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ රිය බලපත්‍ර ලබාගැනීමේදී අත්‍යවශ්‍ය වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය යෝග්‍යතා සහතිකය මුද්‍රණය නැවත්වීමට අවධානය යොමුව ඇති බවත් ජාලගත ඩිජිටල් පද්ධතියක් හරහා මාර්ගගතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත එම යෝග්‍යතා සහතිකය යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ය.
ඊට අමතරව වෛද්‍ය යෝග්‍යතා සහතිකය මුද්‍රණය කරදීම සඳහා රජයට වසරකට රුපියල් මිලියන පනහක මුදලක් වැයවන බවද පවසයි.