මෙන්න සුරක්ෂාවෙන් පාසල් සිසුන්ට තවත් ප්‍රථිලාභ
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමග 2024.07.01 දින අත්සන් කරන ලද ගිවිසුම සංශෝධන සහිතව යාවත්කාලීන කර එහි නව ගිවිසුම සඳහා අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (09) දින සිදු විය.
ඒ අනුව යාවත්කාලීන කළ නව ගිවිසුම හරහා පාසල් සිසුන් වෙත ලබා දෙන ප්‍රතිලාභවල වැඩිවීමක් සිදු කර තිබේ.
ඒ අනුව එම නව සංශෝධිත ප්‍රතිලාභ මෙලෙස දක්වන්නට හැකිය.
සෞඛ්‍ය රක්ෂණාවරණ
- නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000 /-(රජයේ / පෞද්ගලික රෝහල්)
- බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/-
- අසාධ්‍ය රෝග ප්‍රතිලාභ – රු. 1,500,000/- සිට
අනතුරු රක්ෂණාවරණ
- පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු. 200,000/-
- සදාකාලික අර්ධ අකර්‌මණ්‍යතා සඳහා – රු. 150,000/-
- තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000 /- සිට රු.100,000/- දක්වා
ජීවිත රක්ෂණාවරණය.
වාර්ෂික ආදායම රු. 180,000/- කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ''අස්වැසුම" වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය/නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/- බැගින් හිමි වේ. එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන අතර පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරේ. මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වේ. මෙම වැඩසටහන 2025/2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමේ දී පෙර පැවති ප්‍රතිලාභවලට අමතරව නව සංශෝධන ඇතුළත් කරමින් 2025.10.09 දින ගිවිසුම සංශෝධනය කිරීමේ හේතුවෙන් නව ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින්නේ 2025.09.01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා පමණි.
සිදු වූ එම සංශෝධන පහත පරිදි ය.
I. 2024/2025 වර්ෂයේ දී දෙමාපිය මරණයක දී හිමි වන ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලනු ලැබූ වාර්ෂික ආදායම රු.180,000/- ක් වේ. එසේ වුව ද, 2025.09.01 දිනෙන් පසු එම ප්‍රතිලාභය ලබා දීමට සලකා බලනු ලබන වාර්ෂික ආදායම රු.240,000/- කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය වේ.
II. මෙම වැඩසටහන යටතේ විවිධ වූ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන් මින්පෙර ආවරණය නොවුණි. එබැවින් 2025.09.01 දිනෙන් පසු අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සහ පහත සඳහන් රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්හට බාහිර ප්‍රතිලාභ ලෙස රු 20,000/- යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
- Epilepsy
- Nephrotic syndrome
- Rheumatoid arthritis
- Systemiclupus erythematosis
- Ulcreative colitis
- Crohn discase
- Rheumatic valvular heart disease
III. කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.
IV. කර්ණ ශංඛ උපකරණ සඳහා වන වියදම (උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු විසින් නිර්දේශිත) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.
V. හදිසි අනතුරක දී පමණක් ලබා දුන් ‘Lumber Guards and cervical collars’ උපාංග සඳහා හදිසි අනතුරක් නොවන අසනීප අවස්ථාවක දී ද ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම (විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශිත).
ප්‍රතිලාභ ලබා ගැනීමේ දී හිමිකම් පත්‍රය ඇතුළු අදාළ අනෙකුත් සියලු ම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු වේ.
මෙලෙස ස්ංශෝධිත සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ බොහෝ වටින ප්‍රථිලාභයන් සිසු දරු දැරියන්ට ලැබීමට නියමිතව ඇත.