කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

Report

ඉරානයේ අභාවප්‍රාප්ත උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අද (05) පවත්වන ලද ආගමික වතාවත් සහ අවමංගල්‍ය මෙහෙයන් සඳහා ඔහුගේ පුත්‍රයන් වන මසූඩ්, මොස්ටාෆා සහ මේසම් යන තිදෙනා එක්ව සිටියහ.

මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මෙන්ම එරට විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අහ්මඩ් වහිඩි ඇතුළු දේශපාලන හා ආරක්ෂක අංශවල ඉහළම ප්‍රධානීන් රැසක් ද සහභාගී වූහ.

කෙසේ වෙතත්, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කර සිටි, අලි කමේනිගේ අනෙක් පුත්‍රයා වන මොජ්තාබා කමේනි මෙතෙක් සිය පියාගේ අවසන් කටයුතු සඳහා පැමිණ නොසිටීම කාගේත් දැඩි අවධානයට ලක්ව ඇත.

ලෝකවාසී සියලුම දෙනා මවිතයට පත් කරමින් ජීවත් වීමට සුදුසු සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි

ලෝකවාසී සියලුම දෙනා මවිතයට පත් කරමින් ජීවත් වීමට සුදුසු සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි

හිටපු උත්තරීතර නායකයා ජීවිතක්ෂයට පත් වූ එම ඇමෙරිකානු - ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී මොජ්තාබා කමේනි ද දරුණු ලෙස තුවාල ලබා ඇති බවට ජාත්‍යන්තරය පුරා විවිධ කටකතා පැතිර යමින් පවතී.

මේ හේතුවෙන් ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු සිටින ස්ථානය තවමත් දැඩි අබිරහසක්ව පවතින අතර, පසුගිය මාර්තු මාසයේදී ඉරානයේ නව රාජ්‍ය නායකයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහු මේ දක්වා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

මේ වන විට ටෙහෙරාන් අගනුවර පිහිටි 'ග්‍රෑන්ඩ් මොසාල්ලා'  පූජනීය සිද්ධස්ථානයේ තැන්පත් කර ඇති කමේනිගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා ලෝක නායකයන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවක් අඛණ්ඩව ගලා එමින් සිටිති.

ට්‍රම්ප් ගෙන ආ ලෝකයම හොල්ලන අලුත්ම පනත- මැතිවරණ ක්‍රමය උඩුයටිකුරු වෙයිද?

ට්‍රම්ප් ගෙන ආ ලෝකයම හොල්ලන අලුත්ම පනත- මැතිවරණ ක්‍රමය උඩුයටිකුරු වෙයිද?

ඉරාන රජයේ නිලධාරීන් පවසන්නේ 'සියවසේ විශාලතම අවමංගල්‍යය' ලෙස ඉතිහාසයට එක්වන මෙම අවසන් කටයුතු සඳහා මිලියන 12ත් 20ත් අතර අතිදැවැන්ත ජනකායක් සහභාගී වනු ඇති බවයි.

පසුගිය සිකුරාදා (03) දින නිල වශයෙන් ඇරඹි මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සව මාලාව, ඉදිරි සතිය පුරාම ඉරානය සහ ඉරාකය කේන්ද්‍ර කරගනිමින් විවිධ ගුණානුස්මරණ වැඩසටහන් සමඟින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.