මීගමුව බන්ධනාගාරයම හිස් කරයි - රැදවියන් අතර නැවතත් උණුසුම් තත්ත්වයක් දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු බූස්සට
මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ එහි ඇති වූ දැවැන්ත දේපළ හානිය හේතුවෙන්, බන්ධනාගාරය හිස් කර එහි රඳවා සිටින රැඳවියන් 500කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පැනනැඟුණු මෙම ගැටුම්කාරී තත්ත්වයේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ රූපවාහිනී පද්ධතිය, ඖෂධ ගබඩාව, සිරුරු ස්කෑනර් යන්ත්‍රය, සී.සී.ටී.වී (CCTV) ආරක්ෂිත කැමරා පද්ධතිය, ප්‍රධාන කාර්යාල සහ මූලික ගබඩාව ඇතුළු බන්ධනාගාරයේ ප්‍රධාන ස්ථාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
මෙම විනාශ කරන ලද දේපළවල වටිනාකම රුපියල් කෝටි 10 කට වඩා වැඩි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරයෙන් ඉවත් කරන රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත රැනයෑම සඳහා බස් රථවලට නංවාගැනීමෙන් අනතුරුව ද නොසන්සුන්කාරී තත්ත්වයන් මතු වී ඇත.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
එහිදී ඇතැම් රැඳවියන් බස් රථය ඇතුළත කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්, එම පිරිස නැවත වෙනත් බස් රථවලට මාරු කිරීමට ද නිලධාරීන්ට සිදුව තිබේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවූ බවට සැකකෙරෙන සංවිධානාත්මක අපරාධ හා පාතාල කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්ම’ නැමැත්තාගේ සමීපතමයෙකු ඇතුළු දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු සහ සාමාන්‍ය රැඳවියන් 55 දෙනෙකු පෙරේදා (06) රාත්‍රියේදීම දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල්ල, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යැවීමට කටයුතු කළ බව ද බන්ධනාගාර උසස් නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.