මුළු රටම කම්පා කළ නා උයනේ ඩක්කු අනතුරේ මරණ ගණන ඉහළට - රෝහල්ගතව සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ මාරක අනතුරෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයකින් යුතුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උණපානේ චන්ද්‍රසිරි හිමියෝද අද (10) දින පෙරවරුවේදී අපවත් වූ බව වාර්තා වේ.
ඉකුත් සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව විසු දෙස් විදෙස් හිමිවරුන් අට දෙනෙකු එදින අපවත් විය.
ඒ අනුව අද උණපානේ චන්ද්‍රසිරි හිමියන්ගේ අපවත් වීමත් සමග එම අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇත.
අඳාළ අනතුරෙන් බරපතළ තුවාල ලද චන්ද්‍රසිරි හිමියන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට පවුලේ ඥාතින් කටයුතු කර ඇත.
එම අනතුරෙන් රුසියානු ජාතික ධම්මරක්ඛිත , රුමේනියානු ජාතික ධම්මරංසි , ඉන්දීය ජාතික ධම්මගවේෂී යන විදෙස් හිමිවරුන් තිදෙනා සමග උඩවලව සත්තසුමන , නාවලපිටියේ උත්තරානන්ද , නුගේගොඩ විපස්සී ,මල්වානේගම සමිද්ධි , පන්නිපිටියේ ඉන්දෝහාස යන ලාංකීය හිමිවරුන් අපවත් විය.
එසේම අනතුරෙන් දින දෙකකට පසුව ඉන්දෝහාස හිමියන් අපවත් විය.
මේ අතර එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රාජගිරියේ ලෝකහිත සහ අනිවත්තේ සරණංකර හිමිවරුන් දෙනම මේ වන විට සුවපත්ව සිටින බවද පවසයි.
නාඋයන ආරණ්‍ය සේනාසනයේ දායක සභාව සඳහන් කළේ චන්ද්‍රසිරි හිමියන්ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි.