නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

Report

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදුවූ ඩක්කු අනතුරෙන් තුවාල ලබා කුරුණෑගල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුවරයෙකු අපවත් වීමෙන්, මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය භික්ෂුවරුන්ගේ සංඛ්‍යාව අට දෙනා දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

මෙම අනතුර සිදුවූයේ ඉකුත් 24 වැනිදා රාත්‍රී 9ට පමණ, භික්ෂුවරුන් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආගමික වතාවන් අවසන් කරමින් භාවනා කුටි වෙත ගමන් කරමින් විටේය.

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

කේබල් මතින් ක්‍රියාත්මක වන ඩක්කුවේ බර අධික වීම හේතුවෙන් කේබල් කැඩී යාමෙන් එය මීටර් 50ක පමණ උසකින් පහළට ඇද වැටුණු අතර, එහිදී භික්ෂුවරුන් දෙදෙනෙකු ඩක්කුවෙන් පැනීමෙන් සුළු තුවාල සහිතව දිවි බේරාගත්හ.

අනතුරෙන් මුලින්ම අපවත් වූ භික්ෂුවරුන් හතර දෙනා අතර ශ්‍රී ලාංකික භික්ෂුවරුන් සිව් දෙනා (මල්වානේගම සමිද්ධි හිමි, නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සී හිමි, උඩවලවේ ශාන්ත සුමන හිමි) සහ විදේශීය භික්ෂුවරුන් තිනෙකු (ඉන්දියානු ධම්මගවේසී හිමි, රුමේනියානු ධම්මරන්සි හිමි, රුසියානු ධම්මරක්ඛිත හිමි) ඇතුළත් විය. මෙම අපවත් වූ භික්ෂුවරුන්ගෙන් පස් දෙනාගේ අවසන් කටයුතු ඊයේ (27) දින සිදු කර ඇති අතර, විදේශීය භික්ෂුවරුන්ගේ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේදීම සිදුකිරීමට ආරණ්‍ය නායකත්වය ඉල්ලීමක් කර ඇත. 

නා උයනේ අනතුරින් අපවත් වූ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවයන් හෙට, විදෙස් හිමිවරුන්ගේ දේහ අදාළ රටවලට

නා උයනේ අනතුරින් අපවත් වූ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවයන් හෙට, විදෙස් හිමිවරුන්ගේ දේහ අදාළ රටවලට

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි