තංගල්ලෙත් අභිරහසක්, මළ සිරුරු 2ක් එක්ක රෝහලේ සිටි අයෙකුත් ජීවිතක්ෂයට
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයා ගැනීමට සමත් වූ බවයි.
එමෙන්ම එම නිවසේ සිටි තවත් අයෙක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා තංගල්ල මහ රෝහලට ඇතුළත්ව තිබෙනවා.
එහෙත් එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.
එසේම රජයේ රසපරීක්ෂකවරයා මඟින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද සඳහන් කර තිබෙනවා.